හිපොප් සංගීතයේ රජු
“මාෂල් බෲස්
මැතර්ස්” නොහොත් “එමිනෙම්” එක්දහස් නමසිය හැත්තෑ දෙකේ ඔක්තොම්බර් මස
දාහත්වැනිදා මිසෝරි හීදී මෙලොව එළිය දකිනවා.
ඔහුව මෙලොවට
බිහිකරන්න පැය හැත්තෑ තුනක් පුරාවට නොවිදිනා දුක් විදි බව ඔහුගේ මව කියනවා. තම පියා කවුරුන්දැයි
කුඩා මාෂල් දැන සිටියෙ නැහැ. ඔහුව හදා වඩා ගත්තේ ඔහුගේ මව විසින්.
නිසි
කළමණාකාරීත්වයක් නොමැති තම මවගේ ජීවන චර්යාවන් නිසා, ඔහුට අවුරුද්දක් තුල පාසැල කීප වතාවක්ම මාරු
කරන්න සිදු වෙනවා.
තම මව සමග “ඩිට්‍රෝයිට්”
නගරයේ ගත කල කාලය එතරම් සුභ දායක වුනේ නැහැ. අප්‍රිකන් ඇමරිකානුවෝ
සිටි ඒ ප්‍රදේශයේ, සුදු
ජාතිකයන්ට හිටියේ එමිනෙම්ගේ පවුල සහ තවත් පවුල් දෙකක් පමණයි. ඒ නිසාම ඔහුට අණක්
ගුණක් නැති කලු කොල්ලන්ගේ අඩත්තේට්ටම් වලට නිතරම ලක්වීමට සිදුවෙනවා.
එමිනෙම් කියන
විදියට, පාසැල් කාලය
නම් ඔහුට එපාම කරපු එකක් වෙලා තියෙනවා. ඔහු වයස අවුරුදු දාහතේදී පාසල හැර යනවා. නමුත් ඔහු
ඉංග්‍රීසි භාෂාවටත්, චිත්‍ර කථා
කියවීමටත් දැඩි ඇල්මක් දක්වනවා. ඔහු රැප්
ගායකයකු නොවුනා නම්, චිත්‍ර කථා ශිල්පියකු වියහැකි බව ඇතමුන් පවසනවා.
එමිනෙම්ට
මුලින්ම රැප් ගීතයක් අසන්න ලැබෙන්නේ ඔහුට වයස අවුරුදු නවයේදී. ඒ තම මාමා තෑගි කල "අයිස්
ටී" ගේ ගීත එකතුවක තිබී.
ඔහුට වයස
අවුරුදු දාහතරේ දී තම මිතුරෙකු වූ “මයික් රබී” හා එක්ව රැප් ගීත
ගායනා කරන්න පටන් ගන්නවා. මුල් කාලයේ ඔවුන්ව "එම් අන්ඩ් එම්" ලෙස
හදුන්වනවා. පසු කාලීනව "එමිනම්" ලෙස පරිවර්තනය වන්නේද
ඒ නමම තමයි.
ඔහුට තම මව
සමග එතරම් ලග සබදතාවයක් තිබුනේ නැහැ. පසු කලෙක ඔහු තම මව නිසා විදීමට සිදු වූ තාඩන
පීඩන පිළිබදව තම ගීත තුලින් ප්‍රකාශ කර සිටිනවා. ඔහුගේ මව ඔහුට විරුද්ධව නඩුවක්
ගොනු කරන්නේද ඒ හේතුව නිසායි.
එමිනම්
බොහෝවිට තම ගීත සදහා රස්තියාදුකාර පද මාලා භාවිතා කරනවා. අරුත් ඉස්මතු වන ආකාරයට
පද ගලපා පසුව සංගීතවත් කිරීම එමිනම් ගේ ක්‍රමයයි.
එක්දහස් නමසිය
අනූ හයේදී ඔහු “ඉන්ෆිනිටි” ගීත ඇල්බමය එළිදක්වනවා. එය ඔහුගේ ප්‍රථම ගීත
ඇල්බමයයි. ඔහුට තම දියණියගේ උපතේදී විදීමට සිදු වූ ආර්ථික ගැටලු පිළිබද ගීතයක්ද
එහි අතුලත් වෙනවා.
එක්දහස් නමසිය
අනූ හත වසර වන විට එමිනම් විශාල වශයෙන් ආර්ථිකව පරිහාණියට පත් වෙනවා. ඔහු “රැප්
ඔලිම්පික්ස්” තරග වලට සහභාගී වී ජයග්‍රහණ ලබන්නේද මේ කාල සීමාව තුලදීයි.
එහිදී ඔහුගේ
හැකියාවන්ට පැහැදී “ඩොක්ටර් ඩ්‍රේ” නම් සංගීතවේදියා, ඔහුගේ මීලග ගීත එකතුව
එළි දැක්වීමට උදවු කරනවා.
ඒ එක්දහස්
නමසිය අනූ නමය වසරේදී එළි දැක්වූ “ස්ලිම් ශේඩි” ගීත ඇල්බමයයි. ඒ තුල
ඔහු තමන්ව “ස්ලිම් ශේඩි” ලෙස හදුනවා
දෙනවා.
ස්ලිම් ශේඩි,
එමිනම්ගේ අදුරු ප්‍රතිරූපයයි.
සමාජයේ අසම්මත
වචන මාළා ස්ලිම් ශෙඩි ගීත ඇල්බමයේ ගීත වල ඇතුලත් වෙනවා. ඔහු බොහෝ ප්‍රසිද්ධ
ගායකයන්ට, අවලාද අපහාස
කිරීමට තම ගීත යොදා ගන්නවා, කාන්තාවන්ට
අමිහිරි වචන වලින් අමතනවා. ඔහුගේ මවට පවා අපහාසාත්මකව අමතන්නේ මේ ගීත ඇල්බමයේ ඇති
ගීත තුලින්. ඔහුට සමාජය කෙරේ ඇති වෛරය විදහා පාන්න ඔහු තම ගීත යොදා ගන්නවා.
දෙදහස වසරේදී
ඔහු, “ද මාශල් මැතර්ස්”
ගීත ඇල්බමය
එළි දක්වනවා. එය නිකුත් වූ පලමු සතියේදීම පිටපත් මිලියන දෙකකට අධික ප්‍රමාණයක්
අලවි වනවා.
“තම ජීවිතය හා
සංගීතය” පිළිබදව කරුණු ඇතුලත් ග්රන්ථයක් ඔහු දෙදහස් අට වසරේදී එළි දක්වනවා.
දෙදහස් දහ තුන
වසරේදී එළි දැක්වූ “රැප් ගෝඩ්” නම් ගීතය තුලදී, ඔහු මිනිත්තු හයයි තත්පර තුනකදී, වචන එක්දහස් පන්සිය
හැටක් ගායනා කරනවා. එය මෙතෙක් බිහි වූ වැඩිම වචන ප්‍රමාණයක් ඇතුලත් ගීතයයි.
ඔහු මේ වන විට
සම්මාන එකසිය හතලිස් හතරක හිමි කරුවෙක්.



