වේල්සයේ උපත ලබූවද බ්‍රිතාන්‍ය ජාතිකයකු වූ ක්‍රිස්ටියන් බේල්
ක්‍රිස්ටියන් චාල්ස් පිලිප් බේල් හෙවත් ක්‍රිස්ටියන් බේල් එක්දහස් නමසිය
හැත්තෑ හතරෙ ජනවාරි මස තිස් වනිදා වේල්සයේ ගම්බද ප්‍රදේශයක් වන පෙම්බෲක්ෂයර් හීදී බ්‍රිතන්‍ය
ජාතික මවකට හා දකුණු අප්‍රිකානු ජාතික පියකුට දාව උපත ලබනවා.
සහෝදරියන් තිදෙනකු වෙසෙන පවුලේ එකම පිරිමි දරුවා වන්නේ මොහුයි. ඔහු තම
ළමාකාලය වේල්සයේ, එංගලන්තයේ මෙන්ම පෘතුගලයේ ගත කරනවා.
කුඩා බේල් නවහැවිරිදි වියේදීම වෙළද දැන්වීමකට පෙනීසිටිමින්, රංගන දිවියට මං
පෙත් විවර කරගන්නවා.
එක්දහස් නමසිය අසූ හත වසරේදී තිරගත වූ “ස්ටීවන් ස්පිල්බර්ග්” මහතා
අතින් නිමවූ “එම්පයර් ඔෆ් ද සන්” සළරුවේ ප්‍රධාන චරිතය නිරූපණය කිරීම සදහා තරුණ නළුවන් හාරදහසකටත් වඩා වැඩි ප්‍රමාණයක් අතරින් කුඩා බේල්ව තෝරාගනු
ලබනවා
ධනවත් බ්‍රිතාන්‍ය කොළුගැටයකු දෙවන ලෝක යුධ සමයේදී චීනයේ ෂැංහයි නුවර අති
සුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් සිටියදී; ජපන් ආක්‍රමන මත, තම දෙමවුපියන්ගෙන් වෙන්වී
ජපන් සිර කදවුරක ගත කරන කාලසීමාවක් තේමා කරගත් මෙම සිනමා පටයේ “ජිම් ග්‍රහැම්” නම්
ධනවත් බ්‍රිතාන්‍ය කොළුගැටයාගේ චරිතයට අධි තාත්වික බවක් ලබාදීමට කුඩා බේල්ට
හැකිවනවා.
ඔහු, තමාට වයස අවුරුදු දහ හතේදී, දෙමවුපියන්ගේ වෙන්වීම මත, තම පියා සමග
ලොස් ඇන්ජලීස් වෙත සංක්‍රමණය වනවා.
හොලිවුඩයේ බිහිවූ දැවැන්තතම සිනමා කෘති ගනණාවකට තම දායකත්වය ලබාදෙන මොහු; නැවත
වතාවක් ප්‍රේක්ශක හදවත් තම නවාතැන්පල කරගනු ලබන්නේ, දෙදහස් පහ වසරේදී තිරගතවූ “ක්‍රිස්ටෝපර්
නෝලන්” නම් සිනමා වේදියාගේ සිනමා සිත්තමක් වූ “බැට් මෑන් බිගින්ස්” චිත්‍රපටයේ “බැට් මෑන්” හෙවත් “බෲස්
වේන්” ගේ චරිතයට පණ පොවමින්.
බැට් මෑන් චරිතය හරහා ප්‍රේක්ශක හදවත්
තුල කිසිදා නොමැකෙන මතක සටහන් සණිටුහන් කල මෙම අසහාය රංගධරයා, ඉන් මත්තට දෙදහස් අට
වසරේදී “ද ඩාර්ක් නයිට්” චිත්‍රපටයේද, දෙදහස් දොලහ වසරේදී “ද ඩාර්ක් නයිට් රයිසස්” චිත්‍රපටයේද, තම දස්කම් මැනවින් විදා
දක්වනවා.
කැලිෆෝනියා හී සැන්ටා මොනිකා තම
වාසස්තානය කරගත් බේල්, දෙදහස වසරේදී “සිබි බ්ලැසික්” සමග විවාහ ජීවිතයට
එළබෙනවා.
කදු, හෙල්, තැනිතලා පසු කරමින් තම
ජීවිත ගමන ගෙනයන මොවුන්ගේ කැදල්ලට මේ වන විට තවත් සාමාජිකයන් දෙදෙනෙකුද එකතු වී
තිබෙනවා.
සම්මාන එකසිය අටකට නාමයෝජනා වී ඉන්
සම්මාන හැත්තෑ පහක් ලබා ගැනීමට මොහු සමත් වී තිබෙනවා.
වේල්සයේ උපත ලැබූවද, වේල්සියානු
වැසියකු වීමට අකමැතිවූ ඔහු, දිනක් තමාට මාද්‍යවේදියකුගෙන් ලැබුණු පැනයකට පිලිතුරු
ලබාදෙමින් කියා සිටියේ, ඔහු වේල්සයේ උපත ලැබූ පමණින්, වෙල්සියානු ජාතිකයෙකු නොවන
බවයි.

Super..
ReplyDelete